Release
A - Men Series
A - Men 02
ReleaseA - Men Series & Release 🔸A - Men Series එකේ දෙවෙනි කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඒ වගේම A - Men 01 ගේම් එක Release වෙලා අවුරුදු තුනකට පස්සේ තමයි මේ ගේම් එක Release වුනේ. ඒ වගේම මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ PC වලට. PC වලට Release වෙලා මාස පහකට පස්සේ තමයි Playstation 03 වලට Release වුනේ. Sri Lanka Vs World 🔹 මේ ගේම් එක Play කරපු අය ලංකාවේ ඉන්නවනම් ඒ ඉතාම සීමිත සංඛ්‍යාවක්. ලංකාවේ ගේම්ස් Play කරන අයගෙන් හුඟ දෙනෙක් මේ ගේම් එකේ නමවත් අහලා නෑ. ඇත්තටම මේ ගේම් එකට ලැබුනු Negative Reviews නිසා මේ ගේම් එක ලෝකයේ කිසිම රටක ප්‍රසිද්ධ වුනේ නෑ. Story, Characters & Places 🔹මේ ගේම් Series එකේ සිටින ප්‍රධාන චරිත පහ ඇසුරින් තමයි මේ A - Men කියන නම හැදිලා තියෙන්නේ. Atom, Antler, Anaconda, Aurelius සහ Aardvark කියන වීරයින් පස් දෙනෙකු එකතු වී නිර්මාණය කල කණ්ඩායමට තමයි A - Men කියලා කියන්නේ. ඔවුන් හැමෝගෙම නම් වල මුල් අකුර A වුනු නිසා තමයි මේ විදිහට A- Men කියන නම ඔවුන්ගේ කණ්ඩායමට දාලා තිබුනේ. 🔸රොබෝ සොල්දාදුවන් නිෂ්පාදනය කරන A - Cor නැමැති කර්මාන්තශාලාවේ සිදුවුනු විශාල පිපිරීමකින් පසු A - Droids නැමැති රොබෝ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් මේ කර්මාන්තශාලාවෙන් පැන යනවා. මෙම රොබෝ සොල්දාදුවන් ලෝකයට තර්ජනයක් වීමට පෙර ඔවුන්ව විනාශ කිරීම තමයි මේ A - Men කණ්ඩායමට ලැබුනු අභියෝගය වුනේ. ... Gameplay 🔹ගේම් එක පුරාවටම තිබුනු Puzzles නිරාකරණය කරමින් A - Droids නැමැති රොබෝ සොල්දාදුවන්ව පරාජය කරමින් ඉදිරියට යන්න තමයි ක්‍රීඩකයාට තියෙන්නේ. මේ A - Team එකේ හිටපු සාමාජිකයින් හැමෝටම එකිනෙකාට වෙනස් වුනු විශේෂිත හැකියාවන් තිබුනා. ක්‍රීඩකයා විසින් නිවැරදිව මොවුන්ගේ මෙම හැකියාවන් භාවිතා කරමින් තමයි Puzzles විසඳිය යුත්තේ. එසේම මෙම Puzzles විසඳීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන්නත් ක්‍රීඩකයාට සිදු වෙනවා. 🔸ඇත්තටම A - Men 01 ගේම් එකට වඩානම් මේ ගේම් එක ටිකක් අමාරුයි. Puzzle ගේම් එකක් නිසා මේ ගේම් එක සාර්ථකව අවසන් කිරීම සඳහා මොළය වෙහෙසන්න ක්‍රීඩකයාට සිදු වෙනවා. ඒ වගේම Mission එකක් අතරතුරදී ප්‍රධාන චරිත අතරින් එක් චරිතයක් මැරුනොත් ආයේ මුල ඉඳල Mission එක පටන් ගන්නත් ක්‍රීඩකයාට සිදු වෙනවා. හරියට නිකන් Project IGI ගේම් එකේ වගේ. ඒ නිසා මේ ගේම් එකේ Mission එකක් අවසන් කරන එක ලේසි නැහැ.